පන්දු යවන්නෝ ගෞර­වය රකිති ශ්‍රී ලංකා-ඉන්දියා පළමු එක්දින සටන ලකුණු සමව නිම වෙයි.

පන්දු යවන්නෝ ගෞර­වය රකිති ශ්‍රී ලංකා-ඉන්දියා පළමු එක්දින සටන ලකුණු සමව නිම වෙයි.

ශ්‍රී ලංකා පන්දු යව­න්නන්ගේ සට­න්කා­මී­ත්වය හේතු­වෙන් ඉන්දි­යාව සමඟ තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ඊයේ කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවති පළමු දිවා රාත්‍රි තර­ගය ලකුණු සම­වී­මෙන් ජය පරා­ජ­යෙන් තොරව නිමා විය.

දෙපිල අතර පිට පිට ලකුණු සමවූ දෙවැනි තර­ගය මෙය වන අතර, පල්ලෙ­කැලේ පැවති විස්සයි20 තර­ගා­ව­ලියේ අව­සන් තර­ගයේ ද ලකුණු සම විය.

මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 8ක් දැවී ලකුණු 230ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හඹා ගිය ඉන්දීය පිලට ද ඕවර 47.5කදී සිය­ල්ලන් දැවී රැස් කර හැකි වූයේ ලකුණු 230ක් පමණි.

ජාත්‍ය­න්තර එක්දින තරග බිමේ ශ්‍රී ලංකා – ඉන්දියා තර­ග­යක ලකුණු සමවූ දෙවැනි අව­ස්ථාව මෙය වන අතර, මින් පෙර 2012 වසරේ පෙබ­ර­වාරි 14 වැනිදා ඇඩි­ලේ­ඩ්හිදී පැවති තර­ගයේ ලකුණු සම­වී­මෙන් නිමා වී තිබේ. ජාත්‍ය­න්තර එක්දින තරග බිමේ ලකුණු සම­වී­මෙන් නිමාවූ 44 වැනි තර­ගය සහ ආර්. ප්‍රේම­දාස පිටියේ ලකුණු සම­වී­මෙන් නිමා වූ පළමු තර­ගය ලෙස මේ තර­ගය ඉති­හා­ස­යට එක් විය.

ඉන්දීය පිළි­තුරු ඉනි­මේදී පළමු කඩු­ල්ලට ලකුණු 75ක් එක් කර­මින් සාර්ථක ආර­ම්භ­යක් දීමට නායක රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් සමත් වුවද එම සබ­ඳ­තාව බිඳ දම­මින් දෙදෙ­නාම ලකුණ 5ක් තුළ පිටි­යෙන් ඉවත් කිරී­මට දුනිත් වෙල්ලා­ලගේ සමත් විය. ගිල් ලකුණු 16කට දැවී ගිය අතර, ශර්මා ලකුණු 58ක් රැස් කළේය. කෙසේ වෙතත් වොෂිං­ටන් සුන්දර් (5) සුපිරි පිති­කරු විරාට් කෝලි (23), ශ්‍රේයාස් අයි­යර් (23) ඉක්ම­නින් දවා ගනි­මින් තර­ගය දෙපි­ල­ටම විවෘත කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් 6 වැනි කඩු­ල්ලට ලකුණු 57ක සබ­ඳ­තා­වක් ගොඩ­න­ඟ­මින් තර­ගය යළි ඉන්දි­යාව දෙසට හරවා ගැනී­මට ලෝකේෂ් රාහුල් සහ අක්සර් පටෙල් සමත් වූහ. රාහුල් ලකුණු 31කට දැවී යෑමෙන් එම සබ­ඳ­තාව බිඳ වැටුණු අතර, ඉන් ලකුණු 8කට පසු පටෙල් (33) දැවී ගියේය. ඉනිමේ අව­සන් පන්දු 15දී ඉන්දි­යාව ජය­ග්‍ර­හ­ණ­යට එක් ලකු­ණක් පසු­ප­සින් සිටියේ කඩුලු 2ක් ද ඇතැ­ති­වය. එහෙත් නායක චරිත් අස­ලංක පිට පිට කඩුලු 2ක් බිඳ දම­මින් තර­ගය ජය පරා­ජ­යෙන් තොරව නිමා කර ගත්තේය. පන්දු යැවී­මේදී අස­ලංක සහ වනිඳු හස­රංග කඩුලු 3 බැගින් ද දුනිත් වෙල්ලා­ලගේ කඩුලු 2ක් ද දවා ගත්හ.

පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ශ්‍රී ලංකා ඉනිමේ සුපු­රුදු මුල් පෙළ බිඳ වැටීම ආරම්භ වූයේ මුළු ලකුණු 7දීය. අවිශ්ක ප්‍රනාන්දු එක් ලකු­ණ­කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් (14), සදීර සම­ර­වි­ක්‍රම (8) සහ නායක චරිත් අස­ලංක (14) ළඟ ළඟ දැවී යද්දී එක් අන්ත­යක් රැක­ගත් පැතුම් නිශ්ශංක 13 වැනි එක්දින අර්ධ ශත­කය ලෙස ලකුණු 56ක් රැස් කළේය. මුළු ලකුණු 101දී ඔහු 5 වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, අන­තු­රුව පිටි­යට පිවිසි දුනිත් වෙල්ලා­ලගේ පසු පෙළ පිති­ක­රු­වන් සමඟ එක්ව ඉනිම ලකුණු 230 සීමා­වට රැගෙන ගියේය. ජනිත් ලිය­නගේ (20) සමඟ 6 වැනි කඩු­ල්ලට ලකුණු 41ක්, 7 වැනි කඩු­ල්ලට වනිඳු හස­රංග (24) සමඟ ලකුණු 36ක් සහ අකිල ධනං­ජය (17) සමඟ 8 වැනි කඩු­ල්ලට ලකුණු 46ක් එක් කිරී­මට වෙල්ලා­ල­ගේට හැකි විය. ඉනිම නිමා වන විට නොදැවී සිටි ඔහු පන්දු 65කින් ලකුණු 67ක් රැස් කර තිබුණේ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සම­ඟිනි. පන්දු යැවී­මේදී අක්සර් පටෙල් සහ අර්ෂ­දීප් සිං කඩුලු 2 බැගින් දවා ගත්හ.

මේ තර­ග­යේදී වේග පන්දු යවන මොහො­මඩ් ශිරාස් ශ්‍රී ලංකාව වෙනු­වෙන් ජාත්‍ය­න්තර එක්දින තරග වරම් හිමි කර ගත්තේය.

දෙපිල අතර දෙවැනි එක්දින තර­ගය හෙට (4) පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේ­දීම ආරම්භ වේ.

ශ්‍රී ලංකාව

පැතුම් නිශ්ශංක ක.මු.ක. ප.සුන්දර් 56
අවිශ්ක ප්‍රනාන්දු ඇ.සිං ප.සිරාජ් 1
කුසල් මෙන්ඩිස් ක.මු.ක. ප.ඩුබේ 14
සදීර සම­ර­වි­ක්‍රම ඇ.ගිල් ප.පටෙල් 8
චරිත් අස­ලංක ඇ.ශර්මා ප.යාදව් 14
ජනිත් ලිය­නගේ ඇ.ශර්මා ප.පටෙල් 20
දුනිත් වෙල්ලා­ලගේ නොදැවී 67
වනිඳු හස­රංග ඇ.පටෙල් ප.සිං 24
අකිල ධනං­ජය ඇ.සුන්දර් ප.සිං 17
මොහො­මඩ් ශිරාස් නොදැවී 1

අති­රේක 8

එක­තුව කඩුලු 8ක් දැවී (ඕවර 50) 230
කඩුලු බිඳ වැටීම: 1-7, 2-46, 3-60, 4-91, 5-101, 6-142, 7-178, 8-224
පන්දු යැවීම: සිරාජ් 8-2-36-1, සිං 8-0-47-2, පටෙල් 10-0-33-2, ඩුබේ 4-0-19-1, යාදව් 10-0-33-1, සුන්දර් 9-1-46-1, ගිල් 1-0-14-0.

ඉන්දි­යාව

රෝහිත් ශර්මා ක.මු.ක. වෙල්ලා­ලගේ 58
ශුබ්මන් ගිල් ඇ.මෙන්ඩිස් ප.වෙල්ලා­ලගේ 16
විරාට් කෝලි ක.මු.ක. ප.හස­රංග 24
වොෂිං­ටන් සුන්දර් ක.මු.ක. අකිල 5
ශ්‍රේයාස් අයි­යර් ප.අසිත 23
ලෝකේෂ් රාහුල් ඇ.වෙල්ලා­ලගේ ප.හස­රංග 31
අක්සර් පටෙල් ඇ.මෙන්ඩිස් ප.අස­ලංක 33
ශිවම් ඩුබේ ක.මු.ක. අස­ලංක 25
කුල්දීප් යාදව් ප.හස­රංග 2
මොහො­මඩ් සිරාජ් නොදැවී 5
අර්ෂ­දීප් සිං ක.මු.ක. ප.අස­ලංක 0

අති­රේක 8
එක­තුව සිය­ල්ලන් දැවී (ඕවර 47.5) 230
කඩුලු බිඳ වැටීම: 1-75, 2-80, 3-87, 4-130, 5-132, 6-189, 7-197, 8-211, 9-230, 10-230
පන්දු යැවීම: අසිත 6-1-34-1, ශිරාස් 4-0-25-0, වෙල්ලා­ලගේ 9-1-39-2, අකිල 10-0-40-1, හස­රංග 10-0-58-3, අස­ලංක 8.5-0-30-3.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media