ප්‍රතිජීවක ඖෂධ වලට වඩා බලවත් සුදුළුනු සුප්.

ප්‍රතිජීවක ඖෂධ වලට වඩා බලවත් සුදුළුනු සුප්.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ “Norovirus” (මෙය ශීත කාලයන් වලදී වමනය වැනි තත්වයන් ඇතිවන රෝගී තත්වයක්) වැනි තත්වයන් පවා සමනය කිරීම සඳහා සුදුළුනු සුප් ප්‍රභල ඖෂධයක් වනවා. ශරීරයට සත්‍ය වශයෙන්ම ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නොවන විටක වුවත් ඇතැම් පුද්ගලයින් විසින් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරනු ලබනවා. නොදැනුවත් භාවය නිසා හෝ මෙම ක්‍රියාව සිදු කිරීමෙන් පුද්ගලයින්ගේ ශරීරය තුල ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ප්‍රතිරෝධයක් හටගැනීමෙන් ශරීරයේ කාර්යයක්ෂමතාවය බිඳවැටීම සිදුවනවා. “Washington” සරසවිය විසින් සිදු කල පර්යේෂණයකට අනුව සොයාගෙන තිබෙන්නේ සුදුළුනු බික් තුල අන්තර්ගත
වන “allicin” සංයෝගය නිසා නිතර භාවිතයට යනු ලබන ප්‍රතිජීවක ඖෂධ වලට වඩා ප්‍රතිජීවක ඖෂධයක් ලෙස සුදුළුනු ප්‍රභල වන බවයි.

අවශ්‍ය වන ද්‍රව්‍ය:
 පිරිසිදු කර පොතු ඉවත් කර ගත් සුදුළුනු බික් පනහක්
 බටර් මේස හැඳි දෙකක්
 ඔලිව් තෙල් මේස හැඳි දෙකක්
 ලොකු ළුණු ගෙඩි දෙකක්
 කොටා ගත් “thyme” මේස හැන්දක් (“thyme” ඖෂධීය ශාකය වෙනුවට ඔබට බාසිල්
පත්‍ර වුවත් භාවිතා කරන්නට පුළුවන්.)
 කුකුල් මස් සුප් කෝප්ප හයක් (250 ml)
 ඔබේ අභිමතය අනුව නැවුම් හෝ වියළි ඖෂධීය ශාක පත්‍ර ස්වල්පයක්
 අවන් එකක් තුල රත්කර ජල වාෂ්ප ඉවත් කර ගත් පාන් කෝප්ප හයක්
 “sour cream” කෝප්පයක්

සකසා ගැනීම:
ඇලුමිනියම් කොලයක් ගෙන එය මත සුදුළුණු බික් තබා ඔලිව් තෙල් ස්වල්ප ප්‍රමාණයක් එක්කර ඇලුමිනියම් කොලය ඔතා ගන්න. ඉන් පසුව අවන් එකක් භාවිත කර උෂ්ණත්වය 350°F පමණ සකස් කර විනාඩි 90 ක් පමණ මෙය හොඳින් තම්බා ගන්න. ඒ සමගම ඔලිව් තෙල් මේස හැඳි දෙකක් සහ බටර් මේස හැඳි දෙකක් සාස් පානකට එක්කරන්න. බටර් දියවනවාත්ස මගම ළුණු එක්කර විනාඩි දහයක් පමණ පිස ගන්න. සුදුළුනු බික් සිසිල් වූ පසුව “thyme” සහ ඔබ සපයාගත් ඖෂධීය ශාක කොටස් එක්කර වියළා ගත් පාන් කැබලි එක්කරන්න.

මේ ආකාරයට සුප් පානය විනාඩි පහක පමණ කාලයක් හෝ ඔබ එක්කල පාන් මෙලෙක් ස්වභාවයක් ගන්නා තුරු පිස ගන්න. අවසාන වශයෙන් ඔබ පිසගත් සුප් පානය භාජනයකට එක්කර එය තවත් රසවත් කර ගැනීම සඳහා “sourcream” එක්කරන්න.

පරිවර්තනය| සසිඳු චතුරංග

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media