පාරිභෝගික සේවා විමර්ශන ඒකකය මගින් විස ආලේපන සොයා මුළු මිනුවන්ගොඩම පීරයි.

පාරිභෝගික සේවා විමර්ශන ඒකකය මගින් විස ආලේපන සොයා  මුළු මිනුවන්ගොඩම පීරයි.

මිනුවන්ගොඩ නගරයේ රූපලාවන්‍යගාරයක දී කාන්තාවකට විස සහිත ආලේපන ගැල්වීමේ සිද්ධියක් සමග පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අද (11) මිනුවන්ගොඩ නගරයේ සිදුකළ වැටලීමකදී කල් ඉකුත් වූ ආලේපන, ආයතනික විස්තර අඩංගු නොවන, අලෙවිය සහ භාවිතය තහනම් කළ ආලේපන සොයා ගත් බව එම ඒකකය සඳහන් කරයි.

මෙහිදී අධික මිල ගණන් යටතේ විකිණීම සිදුකළ සහ නිෂ්පාදකයෙකුගේ හෝ ආයතන කරුවෙකු නොමැති තහනම් ආලේපන විකිණීම සිදුකළ වෙළෙඳුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන බැඳුම්කර මත මුදා හැරීමට කටයුතු යොදා ඇත.

මෙම තහනම් ආලේපෙන භාවිතා කරමින් රූපලාවණ්‍ය කටයුතු කිරීම සිදුකළ සැලූන් පරීක්ෂා කිරීම සිදුකර ඒවායේ හිමිකරුවන් සහ සේවකයන් අත්අඩංගුවට ගෙන බැඳුම්කර මත මුදා හැරීමට කටයුතු කොට තිබේ. ඔවුන්ට විරුද්ධව මිනුඅංගොඩ අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව ගම්පහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media