,

පාර්ලිමේන්තුව ගිනි තැබීමට ඉඩ නොදී ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත්තෙ රනිල් වික්‍රමසිංහයි – නිමල් ලාන්සා

පාර්ලිමේන්තුව ගිනි තැබීමට ඉඩ නොදී ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත්තෙ රනිල් වික්‍රමසිංහයි – නිමල් ලාන්සා

මන්ත්‍රී නිමල් ලාන්සා දිවුලපිටියේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින්, රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව ගිනි තැබීමට ඉඩ නොදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකළේ නම් බංගලිදේශයටත් වඩා පහළ මට්ටමට රට වැටීමට ඉඩ තිබුණ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්ස මන්ත්‍රීවරයා,

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 102 ක් රාජපක්ෂවරුන්ගෙන් ඉවත්වෙලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වනවා. පක්ෂ, සංවිධාන 35 කට වැඩියි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 112 කට වැඩි පිරිසක් ජනාධිපතිතුමාට සහාය දැක්වීමට ඉදිරිපත් වෙලා ඉන්නවා.

2019 දී අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල ජන්ද සංඛ්‍යාවක් අරන් දීලා එතුමාව ජනාධිපති කරලා මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කළා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමති කරලා, නාමල්, චමල් කැබිනට් ඇමති කරලා, ශෂේන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය ඇමති කරලා මුළු පවුලකට බලය අරන් දෙනවා. කැබිනට් එකෙන් පහෙන් දෙකක් රාජපක්ෂවරු. 2015 පැරදුනාම මිනිස්සු නැවත බලයට ගෙන්නේ පෙර වැරදි නොකරන්න. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාවම පවුලම බලයට එනවා. අපි කියන දෙයක් අහන්නේ නැහැ. කාබනික පොහොර ගේද්දි පාර්ලිමේන්තුවේ 156 දෙනෙක් අත්සන් කරලා මේක කරන්න එපා කියලා කිව්වා. ඇහැව්වේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ගෙනාපු වියත්තු, ව්‍යාපාරිකයෝ කියන ටික අද ජවිපෙ පස්සේ යනවා.

වෛද්‍ය පාදෙනිය මහතා කියලා කාබනික පොහොර වැඩේ ගේනාවා. නාලක ගොඩහේවා කියලා බදු අඩුකළා. මොකද වුණේ. අවුරුදු දෙක හමාරක් යනකොට තෙල්, විදුලිය, පොහොර නැහැ. පෝලිම් හැදිලා. මිනිස්සු පෝලිම්වල මැරෙනවා. නිෂ්පාදනය බිඳ වැටිලා විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීලා, ඒවා දරාගන්න බැරිව ජනතාව පාරට ආවා. ජනතාව ප්‍රශ්න නිසා අරගල කරන කොට මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවාන්විත සමුදීමක් සංවිධානය කරලා මයිනා ගෝ ගමට ගහනවා. ඊට පස්සේ මුළු රටම අනිත් පැත්තට ඇවිල්ලා ගහනවා.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media