පැරාලිම්පික් උළෙල අද පැරිස් නුවරදී ආරම්භ වේ.

පැරාලිම්පික් උළෙල අද පැරිස් නුවරදී ආරම්භ වේ.

පැරාලිම්පික් උළෙල අද පැරිස් නුවරදී ආරම්භ වේ. එය අද සිට ලබන සැප්තැම්බර් 8 දක්වා පැවැත්වේ. මෙවර පැරාලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400 දෙනෙකු සහභාගී වන තරග ඉසව් 549කින් සමන්විත වේ. මෙවර පැරාලිම්පික් උළෙල සඳහා රටවල් 184ක් ද සහභාගී වී වේ.

මෙවර පැරාලිම්පික් සඳහා 8 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා පිලත් පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියහ.

ඒ අනුව මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සමිත දුලාන් (F44 හෙල්ල විසිකිරීම), නුවන් ඉන්දික (T44 මීටර් 100), පාලිත බණ්ඩාර (F42 යගුලිය), අනිල් ප්‍රසන්න ජයලත් (T42 මීටර් 100), ප්‍රදීප් සෝමසිරි (T46 මී.1500), සුරේෂ් ධර්මසේන (රෝද පුටු ටෙනිස්), නවීඩ් රෂීඩ් (B9 පිහිනුම්) සහ ජනනි ධනංජනා (T47 දුර පැනීම) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් වීමට නියමිතය.

පැරිස් පැරාලිම්පික් උළෙල අදින් ඇරැඹෙයි

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමට එක්වන පළමු ක්‍රීඩකයා බවට නවීඩ් රෂීඩ් පත්ව ඇති අතර, ඔහු ශ්‍රී ලංකා වේලාවෙන් 29 වැනිදා පස්වරු 1.00ට මීටර් 400 නිදහස් ආර පිහිනුම් මූලික වටයේ තරගයකට ඉදිරිපත්වීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව සුරේෂ් ධර්මසේන ශ්‍රී ලංකා වේලාවෙන් 30 වැනිදා පස්වරුවේදී රෝද පුටු ටෙනිස් තරග බිමට පිවිසෙන අතර, බොහෝ දෙනකු බලාපොරාත්තු තබා ඇති මලල ක්‍රීඩා ඉසව් පැවැත්වීමට නියමිතව ඇත්තේ එදිනම රාත්‍රියේය.

කෙසේ වෙතත් මලල ක්‍රීඩා ඉසව්වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුව තරග බිමට එක්වීමට නියමිතව ඇත්තේ නුවන් ප්‍රසන්නය. එහිදී නුවන් ප්‍රසන්න 31 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 10.50ට පමණ T44 අංශයෙන් මීටර් 100 ඉසව්වේ පළමු මූලික තරගයට එක්වන අතර, ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තුවක් තබා ඇති සමිත දුලාන් සැප්තැම්බර් 2 වැනිදා හෙල්ල විසිකිරීමේ ඉසව්වට එක්වීමට නියමිතව තිබේ.

මීටර් 66.49ක දුරක් සහිතව මෙම වසරේදී මැයි මාසයේදී මෙම ඉසව්වේ ලෝක වාර්තාවේ වත්මන් හිමිකරු බවට පත්ව ඇති සමිත දුලාන් සැප්තැම්බර් 2දා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 10.30ට පමණ ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස් පිටියේදී ඔහුගේ මෙහෙයුමට එක්වෙයි. එසේම ශ්‍රී ලංකා වේලාවෙන් සැප්තැම්බර් 6 වැනිදා පස්වරුවේදී T47 කාන්තා දුර පැනීමේ ඉසව්ව සඳහා ජනනි ධනංජනා ඉදිරිපත්වේ.

සංස්කරණය – සුසිල් ජයකොඩි

 
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media