පැරිස් ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ඇමෙරිකාවට

පැරිස් ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ඇමෙරිකාවට

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට අැමෙරිකා එක්සත් ජනපදය සමත් ව සිටී.

එහිදී ඔවුන් රන් පදක්ම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ලබාගෙන ඇත.ඒ අනුව ඔවුන් දැනට හිමිකරගෙන ඇති පදක්කම් සංඛ්‍යාව 94කි.

පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ චීනයයි.ඔවුන් රන් පදක්කම් 25ක් රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 17ක් ලබා ගෙන ඇත.ඒ අනුව ඔවුන් ලබාගෙන ඇති පදක්කම් සංඛ්‍යාව 65කි.
තුන්වන ස්ථානය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටී. ඔවුන් රන් පදක්කම් 18ක් රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 11 දිනාගෙන තිබේ.ඒ අනුව ඔවුන් හිමිකරගෙන ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 41කි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media