පැරා ඔලිම්පික් පදක්කම් දිනූ සමිත දුලාන් දිවයිනට

පැරා ඔලිම්පික් පදක්කම් දිනූ සමිත දුලාන් දිවයිනට

ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වී , නව ලෝක වාර්තාවක් තබමින් , රිදී පදක්කම දිනා ගත් සමිත දුලාන් ක්‍රීඩකයා ඊයේ (10)  පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම තරගාවලිය ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටුව විසින් 08/28 දින සිට 09/08 දින දක්වා ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කර ගනිමින් පවත්වා තිබුණි .

ඔහු මෙම තරගාවලියේ එෆ්.- 44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබූ අතර ඔහු මීට පෙර ජපානයේ ටෝකියෝ නුවර පැවති පැරා ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

ඔහු සමග මෙම පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ අනෙකුත් ක්‍රීඩකයින් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

සමිත දුලාන් ක්‍රීඩකයා පිළිගැනීම සදහා ඔහුගේ ආදරණීය බිරිඳ , දරුවා, ඔහුගේ මව මෙන්ම ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති දීපාල් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද , ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රීඩා අංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media