බංග්ලාදේශයේ මාධ්‍ය දඩයම ඇරඹෙයි.

බංග්ලාදේශයේ මාධ්‍ය දඩයම ඇරඹෙයි.

බංග්ලාදේශයේ පසුගිය මාසයේ සිදුවූ ශිෂ්‍ය විරෝධතාව අතරතුර මොහොමඩ් ෆස්ලූ නමැති 31 හැවිරිදි පුද්ගලයකු ඝාතනයට ලක්වීම සම්බන්ධව ආරම්භ කර ඇති නඩු විභාගයේදී එරට මාධ්‍යවේදීන් 25 දෙනකු ද විත්තිකරුවන් ලෙස නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු අගමැතිනිය ෂෙයික් හසීනා සහ තවත් පුද්ගලයන් 165 දෙනකු ද නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

විරෝධතාව අතරතුර ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ වැඩිමල් සොහොයුරු පසුගියදා ඩකා අගනුවර පොලිස් ස්ථානයකට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව එම නඩුව ගොනු කර ඇති අතර, හිටපු අගමැතිනිය සහ අවාමි ලීග් රජයේ හිටපු නීති ඇමැති, රාජ්‍ය ඇමැති, හිටපු පොලිස්පති, පොලිස් කොමසාරිස් සහ උසස් පොලිස් නිලධාරීන් ද, අවාමි ලීග් පක්ෂයේ නායකයන් රැසක් ද නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇතැයි වාර්තා වේ. මීට අමතරව බංග්ලාදේශයේ ප්‍රකට ව්‍යාපාර සමූහයක සභාපතිවරයා සහ එම ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඔහුගේ පුත්‍රයා ද විත්තිකරුවන් බවට නම් කර ඇතැයි වාර්තා වේ.

ශිෂ්‍ය විරෝධතාව අතරතුර මොහොමඩ් ෆස්ලූ ජීවිතක්ෂයට පත්වූයේ පොලිස් වෙඩි පහරකින් බවත්, ඔහුගේ මරණයට මාධ්‍යවේදීන් 25 දෙනකු විත්තිකරුවන් ලෙස නම් කිරීම විමතියට කරුණක් බවත් බංග්ලාදේශයේ මාධ්‍ය වාර්තා කළේය. විරෝධතාව ආවරණය කළ එරට මාධ්‍යවේදීන් 5 දෙනකු ඝාතනයට ලක් වූ අතර, තවත් 20කට අධික පිරිසක් විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ බව වාර්තා විය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media