බොදුබල සේනා ආයෙත් දේශපාලනයට බහී

බොදුබල සේනා ආයෙත් දේශපාලනයට බහී

මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තීරණය කිරීමට ජනතාවට උපකාර කිරීම සඳහා පොදු ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ප්‍රධාන දේශපාලන නායකයන් ඒකරාශී කර ගැනීමට සංඝ සම්මේලනයක් කැඳවීමට බොදුබල සේනා සංවිධානය තීරණය කර තිබෙනවා.

ජනමාධ්‍යවේදීන් අමතමින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කළේ, ඉදිරි සති දෙක තුන ඇතුළත අවම වශයෙන් දේශපාලන බලපෑම්වලින් තොර භික්ෂූන් වහන්සේලා 5000ක් පමණ සහභාගි වන සංඝ සම්මේලනයක් පවත්වන බවයි.

නිදහසින් පසු ගත වූ වසර 76 තුළ විවිධ නායකයන් ඔවුන්ගේ ප්‍රතිපත්ති යටතේ රට පාලනය කර ඇති බවද උන්වහන්සේ පැවසුවා.

සමුළුවේදී සෑම පක්ෂ නායකයෙකුම – ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහා සංඝරත්නය වෙත සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කළ යුතු බව උන්වහන්සේ සඳහන් කළා.

“මහජනතාවට ව්‍යවස්ථා සංශෝධන හෝ පාර්ලිමේන්තු පනත් ගැන අහන්න අවශ්‍ය නෑ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ වියදම් කළමනාකරණය සහ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වැනි දෛනික ප්‍රශ්නවලට විසඳුම්,” යැයි උන්වහන්සේ පැවසුවා.

එබැවින් නව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ජනතාවට දැනුවත් තීරණයක් ගැනීමට ඉඩ සලසමින් පොදු ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කිරීම සඳහා ප්‍රධාන දේශපාලන නායකයන් එකම වේදිකාවකට ගෙනඒමට බොදුබල සේනා සංවිධානය තීරණය කර ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media