බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අදත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි..

බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අදත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි..

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර, අධික වැසි සමඟ පස් කණ්ඩි කඩා වැටීම් සිදුවිය හැකි බැවින් ඉන් ආරක්ෂාකාරි වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂයෙන් මාර්ග දෙපස වෙළඳාම් කරන ජනතාව සහ දිය පාරවල් අසල ජීවත් වන ජනතාව ඉන් ආරක්ෂාකාරි විය යුතු බව එම සංවිධානයේ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා සඳහන් කළේ ය.

අඩු කාලයක් තුළ වැඩි වර්ෂාවක් පතිත වීමෙන් පස්කඩා වැටීම් සිදුවිය හැකි බව වසන්ත සේනාධිර මහතා පෙන්වා දෙයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media