බස්නාහිර පළාතේ සියලු රජයේ රෝහල් ඉදිරිපිට හෙට GMOA විරෝධතා

බස්නාහිර පළාතේ සියලු රජයේ රෝහල් ඉදිරිපිට හෙට GMOA විරෝධතා

හෙට (05දා)බස්නාහිර පළාතේ සියලු රජයේ රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා මෙම විරෝධතා පැවැත්වෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳව ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමේ අරමුණින් ආරම්භ කර ඇති විනය පරීක්ෂණ ඇතුළු විවිධ ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කිරීම මෙහි අරමුණ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසයි.

ඊයේ (03දා) දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල සියලු රජයේ රෝහල් ඉදිරිපිටදී උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීමට කටයුතු කර තිබිණි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media