මධු සමයට ගිය ජෝඩු දෙක මාරු කරගෙන අනියම් පෙම් ආරවුල බේරාගෙන – මීගමුවෙන් ඇහෙන අමුතුම විදියේ කතාවක්

මධු සමයට ගිය ජෝඩු දෙක මාරු කරගෙන අනියම් පෙම් ආරවුල බේරාගෙන – මීගමුවෙන් ඇහෙන අමුතුම විදියේ කතාවක්

අනියම් පෙම් ආරවුලක් බේරාගත් යුවලක් පිළිබදව මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වාර්තා වෙන ලෙස එම සිද්ධිය මෙසේයි…

කාන්තාවක ඇය අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේයැයි පැවසෙන විවාහකයකු සමග දිග කෑමට අවශ්‍ය බව තරයේම පවසා මධු සමය ගත කිරීමට ගොස් සිටියදී එම කාන්තාවගේ සැමියා ද විවාහක පුද්ගලයාගේ බිරිය ද එක්ව පවුල් කෑමට එකඟවී ඒ දෙදෙනා ද මධුසමය ගත කිරීමට යෑමේ සිද්ධියක් මිගමුව, කටාන පොලිසියෙන් වාර්තා වෙනවා.

කටාන පොලිස් වසමේ පදිංචි දරුවන් ද සිටින තරුණ බිරිඳෙක ඇය සේවය කරන ආයතනයේම විවාහ වී දරුවන් ද සිටින පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

දෙදෙනා වැඩට ගියේ ආවේ ද එකම බස් රථයේය.

මේ බව දැනගත් තරුණ බිරිඳගේ සැමියා ඇයට එම සම්බන්ධතාව නතර කර දමන ලෙස කොතරම් අවවාද කළත් පලක් වී නොමැත.

සිය තරුණ බිරිඳ අනියම් සැමියා ද සමඟ බස් රථයේ ගමන් කරමින් සිටිය අවස්ථාවකදී සැමියා එම බස් රථයට කඩා වැදී දෙදෙනාටම පහර දී ඇති අතර සැමියා තමාට පහරදී හිංසා පීඩා කරන බවට ඇය කටාන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

තම සැමියා විවාහක තරුණ කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව එම සැමියාගේ බිරිඳ ද ඒ වන විටත් දැන සිට ඇත.

ඇය ද එම සම්බන්ධතාව නතර කර දමන ලෙස සැමියාට කොතරම් අවවාද කළත් ඔහු එම සම්බන්ධතාව නතර කිරීමට කිසිසේත් සුදානම් වී නොමැත. බස් රථයේදී බිරිඳට පහර දුන්නේ යැයි කියන පැමිණිල්ල විභාග කිරීමට පාර්ශව දෙකේම සැමියෝ පොලිසියට කැඳවනු ලැබූහ.

බිරින්දෝ මෙම පැමිණිල්ල විභාග කරනු ලැබුවේ කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතා විසිනි.

පාර්ශව දෙකම පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට ඉදිරිපත් කර පැමිණිල්ල විභාග කිරීමට සහාය වූයේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේරත්න මහතාය.

දරුවන් ගැනවත් සිතා යහපත් පවුල් ජීවිතයක් ගත කරන ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දිගින් දිගටම ඉල්ලා සිටියත් ඇය ඊට කැමැති වූයේම නොමැති බව පොලිසිය කියයි.

ඇය සමග අනියම් සම්බන්ධතාව පවත්වා ගෙන යන පුද්ගලයාට ද මේ සම්බන්ධතාව නවතා දැමීමට කිසිසේත් නොහැකි බවත් නිත්‍යනුකූල බිරිඳගෙන් දික්කසාද වීමට කටයුතු කරන බවත් පවසා සිටියේය.

සියලු උත්සාහය ගඟට කැපූ ඉනිමෙන් විය. ඇය අනියම් සැමියා සුරතේ එල්ලි දෙවැනි මධු සමය ගත කිරීම සඳහා පොලිස් ස්ථානයෙන් පියවර මැන්නේ අලුත විවාහ වූ යුවලක් ලෙසිණි.

ඒ දෙස අනෙක් සැමියා සහ අනෙක් බිරිඳ බලා සිට ඇතැයි තියන්නේ කඳුළු පිරුණු දෙනකින් යුතුවය.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයෙන් පිටතට පැමිණි ඒ දෙදෙනා ටික වේලාවක් කතාබස් කරමින් සිට නැවත නිල කාමරයට පැමිණියහ.

“සර් ඒ දෙන්නගේ කැමැත්තට දෙන්නා ගියා. අපි ඒ දෙන්නාට වෛර කරන්නේ නැහැ. අපි දෙන්නා අද ඉඳලා එකට ජීවත් වෙන්න තීරණය කළා”යැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර ඇතැයි දැන ගැනීමට ඇත.

පසුව ඒ දෙන්නා ද අලුත බැඳපු මනාල යුවළක් සේ පොලිස් ස්ථානයෙන් පියවර මැන්නේ ඔවුන් දෙදෙනාද දෙවැනි වරටත් මධු සමය ගත කිරීම සඳහාය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media