මම කන්නේත් නෑ – බොන්නේත් නෑ – පඩි ගන්නේත් නෑ… – සජිත් ප්‍රේමදාස

මම කන්නේත් නෑ – බොන්නේත් නෑ – පඩි ගන්නේත් නෑ… – සජිත් ප්‍රේමදාස

වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ”ලබන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙන මෙරට ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ලෙස ජය ගන්නා බවත් නියත වශයෙන්ම ජනාධිපති බවට පත් වන බවත්, ජනාධිපති ධූරයට හිමි වැටුප ලබා නොගන්නා බවත් ජනතා බදු මුදලින් යැපෙමින් තමන් කිසිඳු ආහාර පානයක් ලබා නොගන්නා බවත් ඔහු එහිදී සඳහන් කළා.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා දෙදෙනාම සහෝදරයින් සේ කටයුතු කරමින්, තමන්ව පරාජය කිරීමට කූඨ ආකාරයට කටයුතු කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කළේ.

දෙදෙනාම තම ඡන්ද දායකයින්ට දෙවෙනි ඡන්දය ලෙස දෙදෙනාව තෝරා ගන්නා ලෙස කටයුතු කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, ජනතාව සමග තමා නියත වශයෙන්ම මෙරට ජනාධිපති බවට පත්වන බවයි සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media