,

මහ බැංකු වංචාවට රතු වරේන්තු කරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන බව අනුර කුමාර පොරොන්දු වෙයි.

මහ බැංකු වංචාවට රතු වරේන්තු කරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන බව අනුර කුමාර පොරොන්දු වෙයි.

තමා බලයට පත්වූ පසු මහ බැංකුව කොල්ලකෑමට සම්බන්ධ වූ දැනට සිංගප්පූරුවට පැන ගොස් සිටින අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අනුර කුමාර දිසානායක මහතා අද කිරිබත්ගොඩ නගරයේ දී පැවැති ජන රැළියේදී පැවසීය.

තම දේශපාලන වේදිකාවේ මිරිස් කුඩු ගහපු ප්‍රසන්න රණවීර ලා, මියගිය කැස්බෑවන් ගොඩට එනතුරු බලා සිටින නාලක ගොඩහේවලා නැති බවත් කීවේය. පාඨලී චම්පික රණවක සජිත් ළගට ගියේ ඉදිරි මහමැතිවරණයට කොළඹින් තරගකිරීමට අවස්ථාව දිය නොහැකි බවත් අවශ්‍යනම් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබා දිය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ නිසා බවත් සදහන් කළේය.

අද (18) කිරිබත්ගොඩ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media