මාසික විදුලි බිල සමස්ථයක් ලෙස සියයට 22.5කි පහත දැමීමට තීරණය කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවැසීය.
විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය.
ඒ අනුව මුල් ඒකක 30 දක්වා ඒකකයට මිල රුපියල් 8 සිට 6 දක්වාද, ස්ථාව ගාස්තුව රුපියල් 150 සිට 100 දක්වාද, ඒකක 31 – 60 දක්වා ඒකකයට රුපියල් 20 සිට 9ය දක්වාද, 61 – 90 වූ එකකයට රුපියල් 30 සිට 18 දක්වා ද ඒකක 91 – සිට 120 දක්වා වූ ඒකකයට අය කළ රුපියල් 50 සිට 30 දක්වා ද අඩු කෙරේ.
ඒ අනුව ගෘහස්ත විදුලි බිල සියයට 27කින්ද, හෝටල්වල විදුලි බිල සියයට 25කින්ද, ආගමික ස්ථාන සඳහා සියයට 30කින්ද අඩු කෙරේ.
Leave a Reply