මීගමුවේ මෝටර් රථයකින් මුදල් කොල්ල කෑ පොලිස් සැරයන් දැලේ

මීගමුවේ මෝටර් රථයකින් මුදල් කොල්ල කෑ පොලිස් සැරයන් දැලේ

මීගමුව ප්‍රදේශයේ ධාවනය වූ මෝටර් රථයක් නවත්වා රියැදුරාගෙන් රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් සහ වාහනය ලියාපදිංචි පොත කොල්ලකෑමේ සිද්ධිය පිළිබඳව මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ කාර්යාංශයේ සේවය කරන සැරයන්වරයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පොලිස් සැරයන්වරයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මීගමුව පොලිස් අධිකාරිවරයා මෙහෙයවනු ලබන විශේෂ කාර්යාංශය පොලිස් කණ්ඩායමේ සේවය කරන අයෙකි.

සති ගණනාවකට උඩදී මීගමුව-කොළඹ මාර්ගයේදී මෙම කොල්ලකෑම සිදුවී ඇත. පැමිණිලිකරුගේ සාක්කි අනුව සිදු කළ විමර්ශනවලදී මෙම පොලිස් සැරයන්වරයා පිළිබඳව ලැබුණු තොරතුරු අනුව ඔහු මෙසේ අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

නෝමන් පලිහවඩන

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media