යාගී සුළි කුණාටුවෙන් වියට්නාමයේ 60 දෙනෙකුට දිවි අහිමි වෙයි.

යාගී සුළි කුණාටුවෙන් වියට්නාමයේ 60 දෙනෙකුට දිවි අහිමි වෙයි.

මෙම වසරේ ආසියාතික රටවලට කඩා වැදී ඇති දරුණුතම නිවර්තන සුළි කුණාටුව (ටයිෆුන්) ලෙස සැළකෙන ‘යැගී’ සුළි කුණාටුව හේතුවෙන් උතුරු වියට්නාමයේ පුද්ගලයන් 60 දෙනකු මියගොස් ඇති අතර තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා වී තිබේ. උතුරු වියට්නාමයට ඉකුත් සෙනසුරාදා (07දා) කඩා වැදී ඇති අදාළ සුළි කුණාටුව හේතුවෙන් මියගොස් ඇති පිරිසෙන් 44 දෙනකුම මියගොස් ඇත්තේ නායයෑම් හේතුවෙනි. මෙම කුණාටුව සමග හමාගොස් ඇති තද සුළං හේතුවෙන් ගොඩනැගිලි රැසක වහළවල් ගැලවී ගොස් ඇති අතර ගස් මුලෙන්ම ගැලවී වැටීම හේතුවෙන් විදුලි කණුවලට හානි සිදු වී එම ප්‍රදේශවල විදුලිබලය ඇනහිට ඇති බව බලධාරීහු පවසති.

පැයට කිලෝ මීටර් 200කට අධික වේගයකින් හමා යන තද සුළං සහිත යැගී සුළි කුණාටුව හේතුවෙන් උතුරු වියට්නාමයේ ජල ගැලීම් හා නායයෑම් විශාල ප්‍රමාණයක් සිදුව ඇති අතර තවත් එම ව්‍යසනයන් රැසක් ඉදිරියේදීද හටගනු ඇතැයි වියට්නාම ආපදා කළමනාකරණ ආයතනය පවසයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media