යුද හමුදා රෙජිමේන්තු Rugby Tournament ජය සන්නාහ සන්නද්ධ බලකායට

යුද හමුදා රෙජිමේන්තු Rugby Tournament ජය සන්නාහ සන්නද්ධ බලකායට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 15ක සහාභාගිත්වයෙන් ජුනි මාස 11 වැනිදා අරම්භ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු රගර් තරගාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණඩායම සහ ගජබා රෙජිමේන්තු කණ්ඩායම අතර කොළඹ තුරග තරග පිටියේදී ඊයේ(30) පැවැත්වුණි.

ඒ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී 14-0 ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව ජයහ්‍රහණය කරන ලදී.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණඩායම නියෝජනය කරන ලාන්ස් කෝප්‍රල් සාලින්ද එච්.එන්.ජි ක්‍රීඩකයා තේරී පත් විණ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media