,

රනිල් ගම්පහ වැඩි ඡන්ද ලක්‍ෂ තුනාමාරකින් දිනනවා… මිනුවන්ගොඩ ඇලිස්පාක් පිටියේදී ප්‍රසන්න කියයි.

රනිල් ගම්පහ වැඩි ඡන්ද ලක්‍ෂ තුනාමාරකින් දිනනවා… මිනුවන්ගොඩ  ඇලිස්පාක් පිටියේදී ප්‍රසන්න කියයි.

පුළුවන් ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිමාලාවේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (17) මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් පිටියේදී පැවැත්වුණි.

මෙම රැලිය සංවිධානය කර තිබුණේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් විසිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේ පැවසීය.

දේශපාලන අත්දැකීම්,ජාත්‍යන්තර සබඳතා සැසඳීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සම කළ හැකි අයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයන් 39 දෙනා අතරම නැහැ. ජනාධිපතිතුමනි ඔබතුමාගේ ජයග්‍රහණය රටේ අනාගතය තීන්දු කරන තීරණාත්මක සාධකයක් වනවා නිසකයි. අනාගතයේ රට ගොඩගත හැකි නායකයා ඔබතුමායි.

ඒ විශ්වාසය අපිට තියෙනවා. රට වැටුණ වෙලාවෙ පොහොට්ටුවෙ අපි කල්පනා කලා මේ රට බාරගන්න සුදුසු කවුද කියලා. ඒ අනුව අපි තීරණය කලා මේ රට බාරගන්න සුදුසුම නායකයා ඔබතුමා කියලා.

කඩවත රැස්වීමේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියල ඔබට ආරාධනා කලේ ඒ නිසයි. ඔබතුමා ඒ ආරාධනය පිලිගත්තා. තමන්ගෙ පක්ෂය අතෑරලා අපි හැමෝටම එකතු වෙන්න පුළුවන් දේශපාලන වේදිකාවක් හදන්න අකටයුතු කිරීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media