රනිල් ගේ සහායට විජිත් විජයමුණි, වඩිවේල්, විමලවීර දිසානායකත් එකතු වෙයි.

රනිල් ගේ සහායට විජිත් විජයමුණි, වඩිවේල්, විමලවීර දිසානායකත් එකතු වෙයි.

සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කළ, හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා , ලංකා ජාතික එක්සත් පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක යන මහත්වරු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන අද ප්‍රකාශ කළහ.වාජිත් විජයමුණි සොයිසා මහතා මේ බව බිබිල නගරයේ අද පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය.එමෙන්ම හැටන් ප්‍රදේශයේ පැවති ජන රැළියකදී ලංකා ජාතික එක්සත් පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ද ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවය. ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා දැකීම තම පුද්ගලික සතුට බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පැවසීය.මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ පොදුජන පෙරමුණෙ පළාත් පාලන නියෝජිතයින් සමග අම්පාරේ පැවති සාකච්ඡාවකදීය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media