රුසියානු ගුවන් කඳවුරු හතරකට යුක්‍රේන ප්‍රහාර​

රුසියානු ගුවන් කඳවුරු හතරකට යුක්‍රේන ප්‍රහාර​

රුසියාවේ ගුවන් හමුදා කඳවුරු හතරකට අගෝස්තු 13-14 රාත්‍රියේ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන ලද බව යුක්‍රේනයේ අභ්‍යන්තර ආරක්ෂක සේවය (SBU) එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

මෙසේ පහරදෙන ලද්දේ රුසියාවේ නිෂ්නි නෝව්ගරද් පළාතේ සවස්ලෙයිකා කඳවුර​, වරෝනෙෂ් පළාතේ බරිසග්ලියෙව්ස්ක් සහ බල්තිමෝර් කඳවුරු සහ කුර්ස්ක් පළාතේ හලිනෝ කඳවුර යන ස්ථාන හතර වෙත බවයි ඔවුන් පවසන්නේ.

මෙයින් පළමු කඳවුරු තුන ආසන්නයේ පිපිරීම් හඬ ඇසුණ බව රුසියානු ටෙලිග්‍රෑම් චැනල් සමහරක් ද වාර්තා කර තිබුණා.

මේ අතර තමන් එම රාත්‍රියේ ඩ්‍රෝන 110 ක් බිමහෙලූ බව රුසියාව පවසනවා.

SBU ආයතනය පවසන්නේ ගුවන් කඳවුරු වෙත සිදුවූ හානි පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් ලැබී නැති බවයි.

 
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media