,

ලක්ෂ 22ක දුම්වැටි සමග පුද්ගලයෙක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

ලක්ෂ 22ක දුම්වැටි සමග පුද්ගලයෙක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

නීතිවිරෝධීව ලක්ෂ 22ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හරිත මාවත ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යාමට උත්සහ කිරීමේ දී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අබුඩාබි නුවර සිට සැකකරු ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති අතර ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. සැකකරු සතුව තිබී විදෙස් දුම්වැටි 21,600 ක් රේගුභාරයට ගෙන ඇති අතර එම දුම්වැටි තොගය රාජසන්තක කිරීමට පියවර ගෙන තිබේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media