ලක්ෂ 42 ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කටුනායක දී කොටුවෙයි.

ලක්ෂ 42 ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් කටුනායක දී කොටුවෙයි.

රුපියල් හතලිස් දෙලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින්  සිටි ගුවන් මගියෙකු ද සමග අත් අඩංගුවට ගැනීමට අද (08)  අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබේ .

මෙම ගුවන් මගියා 26 හැවිරිදි මීගමුව මහහුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

ඔහු අද අලුයම 01.50 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ ” ප්ලැටිනම් ” වර්ගයේ දුම්වැටි 10,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 50 ක් සහ ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 18,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 92 ක් සගවා ගෙන සිටියදී , සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

පසුව මෙම පුද්ගලයා ද පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබූ අතර , එළඹෙන 08/14 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට  රැගෙන විත් තිබූ  දුම්වැටි සියල්ල සමග ඉදිරිපත් කිරීමට නියමිතය .

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media