ලෝක පිළිකා දිනය අදයි.

ලෝක පිළිකා දිනය අදයි.

ලෝක පිළිකා දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ “Clos the Care Gap” යන්නයි.

පිළිකා රෝගයෙන් පීඩාවිදින පුද්ගලයින්ට සහාය වීමට සහ එය පාලනය කිරීමට ගත යුතු පියවරයන් පිළිබද ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙලෙස පිළිකා දිනයක් නම්කර තිබෙනවා.

ඒ අනුව සෑම වසරකම සැප්තැම්බර් මස දෙවැනි සිකුරාදා දින ‘පිළිකා දිනය’ ලෙස නම්කෙරෙන අතර එය පළමුවරට නම්කරන ලද්දේ 2008 වසරේදීයි.

සියවස් ගණනාවක් තිස්සේ ලෝකයේ මරණවලට ප්‍රධානතම හේතුවක් විදිහට පිළිකා රෝගය හඳුන්වන්න පුළුවන්.

මිනිසුන් වඩාත් පීඩාවට පත් කරන පිළිකා රෝගය වෙනුවෙන් නැගී සිටින්න වෙන් වූ දිනය තමයි අද.

අවාසනාවකට මානව ඉතිහාසයේ ආරම්භයේ සිටම පවතින මේ රෝගයට අද වන තුරුත් නිට්ටාවටම සුව කළ හැකි බෙහෙතක් සොයා ගෙන නැහැ.

පිළිකා රෝගියෙකු මුල්වරට සොයා ගත් බව පළමු ලේඛනගත සාක්ෂිය හමු වී තිබුණේ ඊජිප්තුවෙන්.

අද වන විට විවිධ වර්ගයේ පිළිකා සඳහා ප්‍රතිකාර සෙවීම බොහෝ විට පර්යේෂණ මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

විකිරණවේදය, රසායනික චිකිත්සාව, ප්‍රතිශක්ති විද්‍යාව සහ තවත් බොහෝ ප්‍රතිකාර පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තු ඇති කරනවා.

පිළිකා රෝගය වෙනුවෙන් නැගී සිටින අද දිනය වෙන් වන්නේ දුම්පානය නතර කිරීමට මිනිසුන් දිරිමත් කිරීම මගින් පෙනහළු පිළිකා අවම කිරීම, මැමෝග්‍රෑම් පරීක්‍ෂාවෙන් පියයුරු පිළිකා ඇති වීම අවම කිරීම, පර්යේෂණ මගින් මහා බඩවැලේ පිළිකා ඉක්මනින් හඳුනා ගැනීම වැනි කරුණු පදනම් කරගෙනයි.

නමුත් විද්‍යාඥයින්ට සහ වෛද්‍යවරුන්ට ඔවුන්ගේ පර්යේෂණ දිගටම කරගෙන යා හැකි එකම ක්‍රමය වන්නේ එය කිරීමට ඔවුන්ට මූල්‍යමය අනුබලයක් ලබා දීමයි.

අද වැනි දිනයක් පිළිකා රෝගය වෙනුවෙන් වෙන් වෙන්නේම ඒ හේතුවෙන්.

2021 වන විට Stand Up to Cancer වෙතින් පිළිකා පර්යේෂණ සඳහා ඩොලර් මිලියන 746කට වඩා වැඩි මුදලක් රැස් කර තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි එය ලොව හොඳම විද්‍යාඥයින් 2,000 කට වඩා වැඩි පිරිසක් පිළිකාව මර්ධනය වෙනුවෙන් එකට එක් කළා.

මෙම විද්‍යාඥයින් සහ වෘත්තිකයන් ලොව පුරා මරණයට ප්‍රධානතම හේතුව ලෙස පිළිකාවට ඇති ස්ථානය අවසන් කිරීමේ ප්‍රයත්නය සඳහා එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම මෙහි අරමුණ වෙනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media