වත්තල මාටාගොඩ තෙමහල් නිවසක ගින්නක්

වත්තල මාටාගොඩ තෙමහල් නිවසක ගින්නක්

වත්තල මාටාගොඩ තෙමහල් නිවසක ඇති වූ හදිසි ගිනි ගැනීමකින් වයෝවෘද්ධ පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 90 ක පුද්ගලයෙකි.

එම ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත වහා ක්‍රියාත්මක වූ ම පොලිසියේ  නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩ පැවැත්වා ඇති අතර ගින්න හේතුවෙන් තෙමහල් නිවසේ දෙවන මහලේ කාමරයක් තුළ සිටි පුද්ගලයකු පිළිස්සුම්  තුවාල ලබා නිවස තුලම මියගොස් තිබෙන අයුරු  පොලිසියට නිරීක්ෂණය වී ඇත.

මරණකරුගේ බිරිඳ දින කීපයකට ඉහතදී රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටින දියණියගේ නිවසට ගොස් සිට ඇතැයි  පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media