ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ප්‍රති­පත්ති ප්‍රකා­ශනය 2 වැනිදා ජන­ගත කරයි

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ප්‍රති­පත්ති ප්‍රකා­ශනය 2 වැනිදා ජන­ගත කරයි

අභි­යෝග ජය ගනි­මින් අනා­ගත පර­පුරේ හෙට දවස සෑම අංශ­යක් ඔස්සේම සංව­ර්ධ­නය කරන දැක්ම ඇතු­ළත් ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ප්‍රති­පත්ති ප්‍රකා­ශනය එළ­ඹෙන සැප්තැ­ම්බර් මස 02 වැනිදා ජන­ගත කිරී­මට නිය­මි­තව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජ­පක්ෂ මහතා රට හමුවේ ඉදි­රි­පත් කරන ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ මුල් පිට­පත ඊයේ (30) දහ­වල් සුබ මොහො­තින් එම පක්ෂයේ නායක සහ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා වෙත පිළි­ගැ­න්විණි.

රණ­වි­රු­වන්ගේ හද ගැස්ම හඳු­නන දේශ­පා­ලන බල­වේ­ග­යක් ලෙස මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා බිහි­කළ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ තම ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය තුළින් රටේ සංව­ර්ධ­නය සහ තරුණ තරු­ණි­යන්ගේ අනා­ග­තය සම්බ­න්ධ­යෙන් ගනු ලබන ක්‍රියා­මාර්ග සහ පව­තින අභි­යෝග පරදා රට ඉදි­රි­යට ගෙන යන වැඩ­පි­ළි­වෙළ ඇතු­ළත් කර තිබෙන අතර, එම සැල­සුම් නියත වශ­යෙන්ම ක්‍රියා­වට නංවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක නාමල් රාජ­පක්ෂ මහතා පව­සයි

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media