ශ්‍රී ලංකා ‘Sports Fiesta 2024’ Dialog බලගැන්වෙයි.

ශ්‍රී ලංකා ‘Sports Fiesta 2024’ Dialog බලගැන්වෙයි.

ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය සංචාරක අමාත්‍යාංශය සමග එක්ව පවත්වනු ලබන ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024’ මෙම අගෝස්තු මස 16 සිට 18 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ අංක එකේ සබඳතා සම්පාදකයා මෙන්ම ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ ප්‍රමුඛතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා plc විසින් අනුග්‍රාහකත්වය සපයනු ලබන මෙම ඉසව්ව ශ්‍රී ලංකාවේ මෙතෙක් දැවැන්තම ජාතික ක්‍රීඩා සැණකෙළිය මෙන්ම දකුණු ආසියාවේ එවැන්නක් පැවැත්වෙන පළමු අවස්ථාව බවටද පත්වේ. මෙම දැවැන්ත සැණකෙළිය ක්‍රිකට්, රග්බි, පාපන්දු, වොලිබෝල්, නෙට්බෝල්, හොකී සහ පැසිපන්දු යන මෙරට වඩාත් ජනප්‍රිය කණ්ඩායම් ක්‍රීඩා හතකින් සමන්විත අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගි වනු ඇත.

දේශීය ක්‍රීඩා හැකියාවන් එළිදැක්වීම සහ මීළඟ පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් නිර්මාණය වන තරග අවස්ථාවක් වන ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024’ ක්‍රීඩකයන් හට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ඉහළ මට්ටමේ තරග අවස්ථාවක් සඳහා වේදිකාව බවට පත්වේ. ඒ ඒ ක්‍රීඩාවට ආවේණික වූ ආශ්වාදනීය අත්දැකීමක් පිරිනමන අතරවාරයේ ප්‍රේක්ෂකයන් හට උද්වේගය කැටි වූ තරග මාලාවක උණුසුම විඳගැනීමේ අවස්ථාව මෙහි වනු ඇත. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවස්ථාවන් උදාකර දෙමින් මෙන්ම ක්‍රීඩා ලෝලීන් සඳහා උද්වේගකර බව තවදුරටත් පෙරට රැගෙන යමින් මෙම සැණකෙළිය සෑම වසරක් පාසාම ක්‍රියාත්මක කිරීමට සංවිධායකයෝ සැලසුම් යොදා සිටිති.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media