ශ්‍රී ලංකා නව T20 නායකත්වය චරිත් අසලංකට – ඉන්දු සටනට එන 16 දෙනා

ශ්‍රී ලංකා නව T20 නායකත්වය චරිත් අසලංකට – ඉන්දු සටනට එන 16 දෙනා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙවර LPL තරගාවලියේදක්ෂතා අතර සිටි චමිඳු වික්‍රමසිංහ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක් වේ. නිමාවූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් වනිඳු හසරංග නායකයා ලෙස පත්කළ අතර ශ්‍රී ලංකාව ලද පරාජයෙන් පසු වනිඳු නායකත්වයෙන් ඉල්ලා අස්වන බව පසුගියදා සඳහන් කළේය. ඒ අනුව ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා 20 -20 කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමිව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය පහතින් දැක්වේ. චරිත් අසලංක (නායක) පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් කුසල් ජනිත් පෙරේරා කමිඳු මෙන්ඩිස් දසුන් ශානක වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ මතීෂ පතිරණ නුවන් තුෂාර දුනිත් වෙල්ලාලගේ දුෂ්මන්ත චමීර බිනුර ප්‍රනාන්දු දිනේෂ් චන්දිමාල් අවිශ්ක ප්‍රනාන්දු චමිඳු වික්‍රමසිංහ තරග 03කින් සමන්විත T20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 2, 4 සහ 7 යන දින තුන තුළ පස්වරු 02.30ට එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

Add Your Heading Text Here

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media