සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ෆොන්සේකා

සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ෆොන්සේකා

සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වී ඇත. ඒ බව ෆොන්සේකා මහතා සජබය වෙත ලිපියකින් දන්වා තිබේ. කැලණිය ආසන සංවිධායක ධුරයෙන් ද තමා අස් වෙන බව එම ලිපියේ සඳහන්ය.

තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා ඒ මහතා සජබ නායකත්වයට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ද ගෙන තිබුණි. ඔහු මේ වන විට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කිරීම ද සිදු කර තිබේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media