,

සෑම දරුවෙක්ටම ශිෂ්‍යත්වයට පෙර දින රාත්‍රී පැය 6කවත් නින්දක් අවශ්‍යයි – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

සෑම දරුවෙක්ටම ශිෂ්‍යත්වයට පෙර දින රාත්‍රී පැය 6කවත් නින්දක් අවශ්‍යයි – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙර දින රාත්‍රියේදී එම දරුවන්ට අවම වශයෙන් පැය හයක නින්දක් ලැබීම ඉතාමත්ම සුදුසු බව ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා  පවසයි.

පහේ ශිෂ්‍යත්ව විභාගයට වැඩි වැඩියෙන් පාඩම් කරන ලෙසට විභාගයට පෙරදින කීපය තුළ දරුවන්ට දෙමාපියන්ගෙන් එල්ල වූ බලපෑම් පිළිබඳව වාර්තා වන බවත් එය විභාගයට මුහුණ දෙන දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි පීඩනයක් බවත් ඒ මහතා කීය.

ඉරිදා (15 ) දින පැවැත්වෙන පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටින සිසු දරු – දැරියන්ගේ මානසිකත්වය කුමන ආකාරයෙන් තබාගත යුතුද යන්න විමසා සිටි අවස්ථාවේ ඔහු එසේ කියා සිටියේය.

තවදුරටත් කතා කළ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා මෙසේ ද කීය.

දරුවන්ගේ මනස නිරවුල්ව තබා විභාගයට යැවීම ඉතා වැදගත්. ලකුණු වැඩියෙන් අරගෙන විභාගෙ පාස් කරගන්න කියා දරුවන්ට බලපෑම් කරන්න එපා. මොකද දරුවා විභාගයෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න නම් ඔහු නිරවුල් මනසකින් යුතුව විභාගයට මුහුණ දෙන්න ඕනෙ.

ඒ වගේම දරුවට බනින්න එපා. විභාගෙ පාස් කරගත්තෙ නැත්නම් කිසි දෙයක් අරන් දෙන්නෙ නැහැ. ඒ නිසා යාළුවන්ට වඩා ශිෂ්‍යත්ව ලකුණු අරගෙන හොඳ පාසලකට යන්න සූදානම් වෙන්න කියලා දරුවට බලපෑම් කරන්න එපා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් – දිවයින

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media