හිස කෙස් ගැළවූ මිනු­ව­න්ගොඩ සැලොන් එකේ එක් සේවිකාවක් භාරවේ.

හිස කෙස් ගැළවූ මිනු­ව­න්ගොඩ සැලොන් එකේ එක් සේවිකාවක් භාරවේ.

කාන්තා­ව­කගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේ­ප­න­යක් පාවිච්චි කිරීම හේතු­වෙන් එම කාන්තා­වගේ හිස කෙස් ගැලවී යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය හා පොලි­සිය මඟ­හැර සිටි රූප­ලා­ව­ණ්‍යා­ගා­රයේ හිමි­කා­රිය සහ සේවි­කා­වන් දෙදෙ­නා­ගෙන් එක් සේවි­කා­වක් ඊයේ (13) මිනු­ව­න්ගොඩ පොලි­සි­යට භාරවී ඇත.

මෙම සේවි­කාව අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව මෙම මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස මිනු­ව­න්ගොඩ වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් ලලනී එම්. බුල­ත්සිං­හල මහ­ත්මිය ඊයේ (13) නියෝග කළේය .

මෙසේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ මිනු­ව­න්ගොඩ කල­වාන අංක 14/ඒ. පදිංචි සඳුනි හංසිකා පියු­මාලි (22) නමැති එම රූප­ලා­වණ්‍ය ආය­ත­නයේ සේවය කළ සේවි­කා­වකි.

එහිදී පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් රූප­ලා­ව­ණ්‍යා­ය­ත­නයේ හිමි­කා­රිය සහ අනෙක් සේවි­කාව අධි­ක­රණ නියෝග ද නොස­ලකා හරි­මින් තව­මත් සැඟවී සිටින බැවින් ඔවුන් හට විදේ­ශ­ගත වීම තහ­නම් කරන නියෝ­ග­යක් නිකුත් කරන ලෙසත් ඔවුන් දෙදෙ­නාගේ දුර­ක­තන විශ්ලේ­ෂණ වාර්තා ලබා­ගැ­නී­මට නියෝ­ග­යක් නිකුත් කරන ලෙසත් එහිදී ඉල්ලා සිටි­යේය . ඒ අනුව එම කරුණු සැල­කි­ල්ලට ගත් වැඩ බලන මහේ­ස්ත්‍රා­ත්ව­රිය රූප­ලා­ව­ණ්‍යා­ගා­රයේ හිමි­කා­රි­යට සහ අනෙක් සේවි­කා­වට විදේ­ශ­ගත වීම තහ­නම් කර­මින් නියෝග නිකුත් කළ අතර ඊට අම­ත­රව ඔවුන්ගේ දෙදෙ­නාගේ දුර­ක­තන විශ්ලේ­ෂණ වාර්තා ලබා ගැනී­මට හා ඡායා­රූප ජන­මාධ්‍ය ඔස්සේ පළ­ක­රන ලෙසට පොලි­සි­යට නියෝග කෙරිණ .

මෙම අව­ස්ථා­වේදී අග­ති­යට පත් පැමි­ණි­ලි­කාර කාන්තාව වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රුන් වන රංජිත් දිසා­නා­යක සහ අෂාන් ලක්මාල් මහ­ත්ව­රුන් මෙම රූප­ලා­ව­ණ්‍යා­ගා­රය තුළ දී පැමි­ණි­ලි­කාර කාන්තා­වගේ හිස කෙස් සැක­සීම සඳහා ගල්වන ලද ආලේ­පන සහ අනෙ­කුත් ද්‍රව්‍ය රජයේ රස පරී­ක්ෂ­ක­ව­ර­යාට යොමු කර වාර්තා­වක් කැඳ­වන ලෙස නියෝ­ග­යක් ලබා දෙන ලෙසද අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

මෙම අව­ස්ථා­වේදී විත්ති­කාර සේවි­කාව වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ ප්‍රියන්ති ලිය­නා­රච්චි මහ­ත්මිය අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් මෙම තරු­ණිය එම රූප­ලා­ව­ණ්‍යා­ගා­රයේ පුහු­ණු­වීම සඳහා එහි සේව­යට ගොස් සිටින අයෙකු බැවින් අදාළ සිදු­වී­මට මෙම තරු­ණි­යගේ කිසිදු සම්බ­න්ධ­යක් නොමැති බැවින් රූප­ලා­ව­ණ්‍යා­ගා­රයේ හිමි­කා­රිය මෙම සිදු­වී­මට සම්පූ­ර්ණ­යෙන්ම වග­කි­ව­යුතු බව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර­මින් පැව­සීය. මිනු­ව­න්ගොඩ පොලි­සියේ ළමා හා කාන්තා කාර්යාං­ශයේ ස්ථානා­ධි­ප­තිනි උප පොලිස් පරී­ක්ෂක වජිරා ශාමලී සහ උප පොලිස් පරී­ක්ෂක කේ. ජී .කේ. අභ­ය­රත්න යන මහත්ම මහ­ත්මීහු සැක­කාර සේවි­කාව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් පැමි­ණිල්ල මෙහෙ­ය­විය. අග­ති­යට පත් පැමි­ණි­ලි­කාර කාන්තාව වෙනු­වෙන් නීති­ඥ­ව­රුන් වන රංජිත් දිසා­නා­යක සහ අෂාන් ලක්මාල් මහ­ත්ව­රුන් පෙනී සිටිය අතර සැක­කාර සේවි­කාව වෙනු­වෙන් නීතිඥ ප්‍රියන්ති ලිය­නා­රච්චි මහ­ත්මිය පෙනී සිටි­යේය.

මිනු­ව­න්ගොඩ – ටෙඩී කීර්ති, කොට­දෙ­ණි­යාව – එම්. පුෂ්ප­කු­මාර

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media