ළඟදීම ලංගමට අධි සුඛෝපභෝගී බස් රථ 200 ක්

ළඟදීම ලංගමට අධි සුඛෝපභෝගී බස් රථ 200 ක්

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අධි සුඛෝපභෝගී බස් රථ 200 ක් ඇතුළු බස් රථ හාරසියයක් අලුතින් මිලදී ගැනීමට තීරණය කර ඇත.

මේ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවත් ඉදිරි මාස හතරක කාලය තුළ බස් රථ ගෙන්වීමට බලාපොරොත්තු වන බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවැසීය.

මේ වනවිට ලංගම බස් රථ හාරදහස් හත්සියයක් ධාවනය වන අතර එම බස් රථ මගී අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවීම මත අලුතින් බස් රථ ගෙන්වන බවද සභාපතිවරයා කීවේය.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා ගෙන්වා අබලන් වී තිබූ ලංගම අධිසුඛෝපභෝගී බස් රථ 60 කට වැඩි ප්‍රමාණයක් ගෙවුණු මාස කිහිපය තුළ අලුත්වැඩියා කර ධාවනයට සුදුසු තත්ත්වයෙන් අධිවේගී මාර්ගවල ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇත

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media