,

02 වැනි දා සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

02 වැනි දා සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකක‍යේ වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

ඒ අනුව ලබන 02 වැනි දා සිට 04 වැනි දා දක්වා දින 03ක් එම වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29හි විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

2024 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,552කි. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් එම සංඛ්‍යාව 15,120 ක්.

ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇත.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media