19 සහ 20 දිනවල ජාතික ජන බලවේගය ගැන දුර්මත පැතිරවීමේ හැකියාවක් තියෙනවා – ටිල්වින්

19 සහ 20 දිනවල ජාතික ජන බලවේගය ගැන දුර්මත පැතිරවීමේ හැකියාවක් තියෙනවා – ටිල්වින්

සැප්තැම්බර් 19 සහ 20 දවස්වලදී ජාතික ජන බලවේගයට එරෙහිව දුර්මත පැතිවීමේ හැකියාවක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ඒ අනුව සමාජ මාධ්‍යවල පතුරවන බොරු සම්බන්ධයෙන් ජනතාව අවධියෙන් සිටිය යුතු බවයි අද (18) කළුතර ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩ ගත්තා නම් සති දෙකෙන් වැටීමට හැකියාවක් නොමැති බවත්, සති දෙකෙන් වැටෙනවා නම් ආර්ථිකය ස්ථාවර කිරීමක් සිදුකර නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

සත්‍ය වශ්‍යයෙන්ම සිදු වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ විසින් ආර්ථිකය ස්ථාවර කර නොමැති වීම බවත්, ජාතික ජන බලවේගය බලයට පැමිණි පසු ආර්ථිකය කඩා වැටීමක් සිදු නොවන බව සහතික වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

comment loading imageමහජන ප්‍රතිචාර
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media