,

ගත වූ මාස 8ට ලාංකිකයින් 5499 ක් සඳහා කොරියානු රැකියා ලැබී ඇත.

ගත වූ මාස 8ට ලාංකිකයින් 5499 ක් සඳහා කොරියානු රැකියා ලැබී ඇත.

2024 වසරේ ගතවූ මාස 8ක කාලය තුලදී පමණක් ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

දකුණු කොරියාවේ රැකියා හිමිවූ 350 වන කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකිකයින් 55දෙනෙකු අද‍(28) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.

මේ අතර, නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ තවත් තරුණයින් සිය දෙනෙකුද ඊයේ (27) දකුණු කොරියාව බලා පිටත්ව යන ලදී.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ. එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රී ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන අතර, අද වන විට තරුණ ප්‍රජාව දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වැඩි උනන්දුවක් ඇතිවී තිබේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media