38 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලෙහි අර්ධ මැරතන් තරගය දඹුල්ලේදී…

38 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලෙහි අර්ධ මැරතන් තරගය දඹුල්ලේදී…

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන 38 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලෙහි අවුරුදු 20න් පහළ බාලක සහ බාලිකා අර්ධ මැරතන් තරගය දඹුල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ ගලේවෙල අධ්‍යාපන කලාපයේ සහයෝගය ඇතිව සංවිධානය කර ඇති මෙම තරගය සැප්තැම්බර් මස 15 වැනි දින ප.ව. 3.00 ට රංගිරි දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩාංගණය ඉදිරිපසින් ආරම්භ කෙරේ.

කිලෝ මීටර් 21 ක දුර ප්‍රමාණයකින් සමන්විත වන මෙම තරගය සඳහා මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, ඌව, උතුර, දකුණ, නැගෙනහිර සහ උතුරුමැද පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට සහභාගි වීමේ හැකියාව පවතී. මේ සඳහා සහභාගිවීමට අපේක්ෂිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම වෛද්‍ය සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්යය.

මෙවර අර්ධ මැරතන් තරගයට සමගාමීව ගලේවෙල අධ්‍යාපන කලාපයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට සීමාවන පරිදි සංවිධානය කර ඇති කිලෝමීටර් 05 ක දුර ප්‍රමාණයකින් සැදුම්ලත් “විනෝදය සඳහා දුවමු” යන තරගයට ඉදිරිපත් විය හැකිය.

“අර්ධ මැරතන් තරගය” පිළිබඳ වැඩි තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශයෙන් ද “විනෝදය සඳහා දුවමු” තරගය පිළිබඳ වැඩි විස්තර ගලේවෙල අධ්‍යාපන කලාපයෙන් ද ලබා ගත හැකිය.

38 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලෙහි ආරම්භක තරග ඉසව්ව ලෙස අර්ධ මැරතන් තරගය ක්‍රියාත්මක කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media