නිල තලවලින් ඉවත් වූ නිලදරුවන්ගේ රාජ්‍ය දේපොළ යළි පරාගන්නයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙයි.

නිල තලවලින් ඉවත් වූ නිලදරුවන්ගේ රාජ්‍ය දේපොළ යළි පරාගන්නයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙයි.

රාජකාරී කළ සමයේ ලබාදුන් රාජ්‍ය දේපොළ නිලතලවලින් ඉවත් වූ පසුව ද නීතිවිරෝධීව එම පහසුකම් අවභාවිතා කරන බවට ලැබෙන පැමිණිලි ඉහළ යාමත් සමග අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කර ඇත.

එනම් එවැනි දේපල පිළිබඳව සොයා බලා ඒවා කඩිනමින් ආපසු භාර ගැනීමට අවශ්‍ය කටයුතු කරන්නැයි ඉල්ලා සිටිමින්, කොමිසම අවධාරණය කරන්නේ, රාජ්‍ය දේපොළ එලෙස අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media