ඔලිම්පික් ගිය දිල්හානී සහ විරේන් නෙත්තසිංහ දිවයිනට

ඔලිම්පික් ගිය දිල්හානී සහ විරේන් නෙත්තසිංහ දිවයිනට

ප්‍රංශයේ පැරිස් නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයට , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් , ශ්‍රී ලංකා ධජ රැගෙන  එහි පෙළපාලියේ ගමන් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා , හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

ඔවුන් දෙදෙනා අද අලුයම 03.30 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ , ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රීඩා අංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media