හකෝ අකායි කරාතේ ලෝක ශූරතාවලියට තවිරු පබසර ජපානයට යයි.

හකෝ අකායි කරාතේ ලෝක ශූරතාවලියට තවිරු පබසර ජපානයට යයි.

ජපානයේ ටෝකියෝ, කවාගුවිහිදි පැවැත්වෙන හකෝ අකායි කරාතේ ලෝක ශූරතාවලියට මොරටුව වේල්ස් කුමර විදුහලේ 14 හැවිරිදි තවිරු පබසර සොයිසා තේරී පත්වී ඇත. අද සිට තෙදිනක් පුරා පැවැත්වෙන මේ තරගාවලියට පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5ක් සහභාගිවන අතර, විශේෂත්වය වන්නේ තවිරු පබසර විශේෂ අවශ්‍යතා සහිත දරුවකු වීමයි.

ඔහු කරාතේ ක්‍රීඩාවෙන් තරග ගණනාවක් ජයග්‍රහණය කර ඉතා හොඳින් නිපුණතා වර්ධනය කරගෙන සිටින අතර, කරාතේ ශ්‍රේණිගත කිරීම් කිහිපයක්ම මේ වන විට ලබාගෙන ඇත. ඔහු මේ තරග සංචාරයේදී කාතා සහ කුමිතේ යන ඉසව් දෙකටම සහභාගි වේ. මේ සංචාරයේදී තරග පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කසුන් චින්තක බණ්ඩාර විජේකෝන් මහතා ය. මේ සංචාරය සඳහා කණ්ඩායමේ මනෝවිද්‍යා පුහුණු උපදේශකවරයා ලෙස ජාතික කරාතේ කණ්ඩායම් මනෝවිද්‍යා පුහුණු උපදේශක ලෙස කටයුතු කරන ගයාත්‍රි සංජීව සොයිසා මහතා ද එක්වෙයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ අවශ්‍යතා සහිත පාසල් දරුවකු ජාත්‍යන්තර කරාතේ තරගාවලියකට සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය වේ. හකෝ අකායි කරාතේ ලෝක ශූරතාවලියට ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් ආදිත්ත්‍ර හිරුන් චන්ද්‍රරත්න (8), කොළඹ සාන්ත තෝමස් විදුහලෙන් රනුත් නිම්නාල් (12), කොළඹ මියුසියස් විදුහලෙන් මිහේලි ලියසිකා (8) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද සහභාගි වෙති.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media