අයර්ලන්තයට එරෙහිව විශ්මි ගුණරත්න එක්දින මංගල ශතකය වාර්තා කරයි

අයර්ලන්තයට එරෙහිව විශ්මි ගුණරත්න එක්දින මංගල ශතකය වාර්තා කරයි

අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදී සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද සමත් විය. මේ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක වන චමරි අතපත්තු හැරෙන්නට එක්දින තරගයක දී ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත් වීමට ද විශ්මි ගුණරත්න සමත් වුණි.

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 101ක් රැස් කරමින් ඇය මෙම වාර්තාව තබා තිබේ. විශ්මි අද වාර්තා අතරට එක්ව ඇත්තේ එක්දින ශතකයක් වාර්තා කළ ළාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙසය. මෙම ශතකයක් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 260ක් රැස් කර ගැනීමට සමත් විය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media