මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය – මිලත් අඩු වෙයි ද?

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය – මිලත් අඩු වෙයි ද?

Maruti Suzuki India Limited තීරණයක් ගෙන තිබෙනවා.

ඒ එහි ඉන්දියාවේ නිෂ්පාදිත SUV වර්ගයේ මෝටර් රථයක් වන Fronx ජපානයට අපනයනය කිරීම නිල වශයෙන් දියත් කිරිමටයි.

ඒ අනුව Maruti Suzuki හි පළමු SUV රථය ජපන් වෙළඳපොළට පළමු පියවර තැබීම වේ.

Fronx SUV රථ 1,600කට අධික ප්‍රමාණයක රැගත් පළමු නෞකාව ගුජරාටයේ Pipavav වරායෙන් ජපානය බලා පිටත් විය.

Fronx යනු සමාගම විසින් ජපානයට අපනයනය කරන ලද දෙවන වාහනය වේ.

Fronx නිෂ්පාදනය කරනු ලබන්නේ ගුජරාටයේ පිහිටි මරුති සුසුකි හි අති නවීන නිෂ්පාදන කර්මාන්තශාලාවේ දී ය.

මෙම අපනයන මුල පිරීම ඉන්දියාවේ වර්ධනය වන නිෂ්පාදන හැකියාවන් සහ එහි පුළුල් වන ගෝලීය අවතීර්ණය පෙන්නුම් කරන්නක් වේ.

2023-24 මූල්‍ය වර්ෂය තුළ, මරුටි සුසුකි සමාගම රටවල් 100කට වැඩි ගණනකට ඒකක ලක්ෂ 2.8කට අධික ප්‍රමාණයක් අපනයනය කර ඇත.

ඒ අනුව රටේ මගී වාහන අපනයනයෙන් සියයට 42ක ප්‍රතිශතයක් හිමිකරගෙන සිටි.

කෙසේ වෙතත්, එම සමාගම 2024 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී ඒකක 70,560 ක වාර්තාගත අපනයන අගයක් අත්පත් කරගෙන තිබෙනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media