ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරඟයේ ජය අයර්ලන්තයට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරඟයේ ජය අයර්ලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු එක් දින ක්‍රිකට් තරගය අයර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 3කින් ජය ගත්තේ ය.
බෙල්ෆාස්ට්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු විශ්මි ගුණරත්න ශතකයක් රැස් කළේ ය.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 19කි. හසිනි පෙරේරා ලකුණු 46කි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 260ක් රැස් කළේ ය. ලකුණු 261ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය වෙනුවෙන් ඕලා ප්‍රෙන්ඩිගාස්ට් නොදැවී ලකුණු 122කි.

අයර්ලන්තය පන්දුවාර 49යි පන්දු 2කදී කඩුලු 7ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media