දුෂණය කොට මරා දැමූ තම සගයා වෙනුවෙන් ඉන්දීය වෛද්‍යවරු මිලියනයක් ජාතික වැඩ වර්ජනයක

දුෂණය කොට මරා දැමූ තම සගයා වෙනුවෙන් ඉන්දීය වෛද්‍යවරු මිලියනයක් ජාතික වැඩ වර්ජනයක

ඉන්දීය වෛද්‍යවරියක් රාජකාරිය අතරතුර රෝහල තුළදීම දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කරගෙන ඉන්දීය වෛද්‍යවරු ජාතික වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

දූෂණය කිරීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ ඉන්දීය පුහුණු වෛද්‍යවරියකගේ නිරුවත් මෘතදේහය කොල්කටා හි රෝහලක සම්මන්ත්‍රණ ශාලාවක වැටී තිබියදී හමුවූයේ පසුගිය 9 වැනිදාය.

ඇයගේ සිරුර පුරා අපහරණයට ලක්වූ බව දැක්වෙන තුවාල කැලැල්ද දක්නට ලැබුණේ එය සමූහ දූෂණයක්ද යන සැකය මතුකරමිනි.

31 හැවිරිදි වෛද්‍යවරියක් එලෙස රාජකාරියේ නිරතව සිටියදී දූෂණයට ලක්ව ඝාතනය වීමේ සිද්ධිය ඉන්දියාව කලඹවනු ලැබුවේ පසුගිය සතිය ආරම්භයේ සිට, වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම විරෝධතා ආරම්භ කිරීමත් සමගිනි.

ඝාතනයට ලක්වූ වෛද්‍යවරිය පැය 36ක දීර්ඝ වැඩ මුරයක නිරතව සිට ඇති අතර, මෙවැනි සීමාව ඉක්මවූ වැඩ මුර සහ රෝහල් තුළ කාන්තාවන්ට ඇති අනාරක්ෂිතභාවය සම්බන්ධව එම විරෝධතාවල මාතෘකාව වී තිබුණි.

එය තවත් තීව්‍ර කරමින් ඉන්දීය වෛද්‍යවරුන් මිලියනයක් පමණ දෛනික රාජකාරිවලින් ඉවත්ව ජාතික වැඩ වර්ජනයක ද නිරතවුණි.

ඒ හේතුවෙන් එරට රෝහල් සහ සායනවල හදිසි රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර ලබාදෙන බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධව කාන්තාවන් පිරිසක් ද ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති නමුත් එහි ප්‍රධාන සැකකරුවන් මෙතෙක් අනාවරණය කර නැත.

කාන්තාවන්ට එරෙහි හිංසනය සම්බන්ධව ඉන්දියාව කුප්‍රකට ඉතිහාසයක් දරන අතර, 2012 වසරේදී 22 හැවිරිදි ජෝති සිං නම් තරුණිය දිල්ලි හි බසයක් තුළ සමූහ දූෂණයට ලක්වූ අතර ඇය මියයාමට පෙර සැකකරුවන් සියලුදෙනාම අනාවරණ කිරීමට කටයුතු කර තිබුණි.

දූෂිතයින්ට මරණ දඬුවම කැඳවූ මෙම සිද්ධිය ප්‍රකටවූයේ ‘නිර්භයා සිද්ධිය’ ලෙසය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media