මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරයි. ඒ අනුව ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්රියා මාර්ග ගැනීමට සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළ ව නිකුත් කර ඇති චක්රලේඛයේ ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇතැයිද පවසයි. තවද ප්රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම ද තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
Leave a Reply