දකුණු ආසියානු පාපන්දු තරගාවලිය – ශ්‍රී ලංකාව පරදා නේපාලය ජයගනී

දකුණු ආසියානු පාපන්දු තරගාවලිය – ශ්‍රී ලංකාව පරදා නේපාලය ජයගනී

නේපාලයේ දී පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාලය කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ගෝල 1-0ක ජයක් ලැබීමට නේපාල කණ්ඩායමට හැකිවිය.

මෙවර තරගාවලියේ ආරම්භක තරගය ලෙස පැවැති මෙම තරගයේ 23 වැනි මිනිත්තුවේ දී නේපාලය වෙනුවෙන් නිරාජන් දාමි විසින් තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කිරීමට සමත් විය.

මින් පසුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් නැවත තරගයට අවතීර්ණ වෙමින් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ දැරුව ද එය සාර්ථක වූයේ නැත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා යෞවනයන් තරගය පරාජය වුවද නේපාලයට එරෙහිව හොඳ තරගයක් ලබා දීමට සෑම විටම උත්සාහ කිරීම කැපී පෙනුණු සිදුවීමක් විය.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිත මීළඟ තරගය අද (20දා) බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිතය. එමෙන්ම තරගාවලියේ අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වනවා ඇත.

සිසිර ඉන්ද්‍රජිත්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media