වාර්තා වන රිය අනතුරු සැලකිල්ලට ගනිමින් අලුත් කළ නොහැකි සියලු රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව, අලුත් කළ නොහැකි බර වාහන රියැදුරු බලපත්‍ර ලක්ෂ 11ක පමණ ද අලුත් කළ නොහැකි සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර හිමියන් ලක්ෂ 10ක බලපත්‍ර ද ඉදිරියේදී අවලංගු කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වැඩි දුරටත් කියා සිටියි.
එම රියැදුරු බලපත්‍ර ලාභීන්ට සහන කාලයක් තුළ නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සිදුකළ හැකි අතර ඒ සඳහා ඔවුන් නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණ සඳහා මුහුණ දීම ද කළ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
Leave a Reply