,

වැඩිහිටි ජනගහනයෙන් සියයට 45 කට අධික රුධිර පීඩනය, සියයට 24 කට දියවැඩියාව

වැඩිහිටි ජනගහනයෙන් සියයට 45 කට අධික රුධිර පීඩනය, සියයට 24 කට දියවැඩියාව

නිධන්ගත රෝගී තත්ත්වයක් නොමැතිව රට තුළ පැතිර ගිය හඳුනාගත නොහැකි වකුගඩු රෝගී තත්ත්වය මේ වන විට බොහෝ දුරට අඩුවෙමින් පවතින බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් අධික රුධිර පීඩනය සහ දියවැඩියාව සම්බන්ධයෙන් ප්‍රබල අභියෝගයකට මුහුණ දී ඇතැයි ද අධික රුධිර පීඩනය පිළිබඳව කලාපයෙන් වැඩිම රෝගී ප්‍රතිශතය වාර්තා වන බවද වැඩිහිටි ජනගහනයෙන් සියයට 45 කට වැඩි පිරිසකට අධික රුධිර පීඩන තත්ත්වය පවතින බවද ඇමැතිවරයා සඳහන් කළේය. වැඩිහිටි ජනතාවගෙන් සියයට 24 ක් දියවැඩියාවෙන් පෙළෙන බවද හෙතෙම පැවසීය.

එබැවින් අධික රුධිර පීඩනය සහ දියවැඩියාව පාලනයට ඉදිරියේදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවාවන් පිළිබඳව ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කරන බවත් ඒ සඳහා වැඩිපුර මුදල් යොදවන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

 
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media