නිරෝෂන් දික්වැල්ල කොකේන් ගත් බව පිළිගනී

නිරෝෂන් දික්වැල්ල කොකේන් ගත් බව පිළිගනී

තහනම් උත්තේජක ලබා ගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා විනය කමිටුව හමුවේ පිලිගෙන ඇත. තමා කොකේන් භාවිත කළ බව නිරෝෂන් දික්වැල්ල එහිදී පිළිගෙන තිබේ.

පසුගිදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පනවා ඇත. තහනම් උත්තේජක චෝදනා එල්ල වූ දික්වැල්ල ක්‍රීඩා විද්‍යායතනයේදී ක්‍රීඩා විනය කමිටුව හමුවේ ඊයේ පෙනී සිටියේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media