පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව පරදා කඩුලු 05කින් ජය ගැනීමට එංගලන්තය සමත් වෙයි.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව පරදා කඩුලු 05කින් ජය ගැනීමට එංගලන්තය සමත් වෙයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර් හි පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 36ක් සහ දෙවැනි ඉනිමට 326ක් ලබා ගැනීමට සමත් විය.
එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 358ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව ජයග්‍රහණය සඳහා දෙවෙනි ඉනිමට ලකුණු 205ක ඉලක්කයක් හිමි විය. එම ඉලක්කය කඩුලු 06ක් දැවී ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ජෝ රූට් නොදැවී 62යි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media