වංචනික බදු එකතු කරන්නන්ට හසු නොවන්න – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

වංචනික බදු එකතු කරන්නන්ට හසු නොවන්න – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටින වංචනික බදු එකතු කරන්නන්ට හසු නොවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.

මේ වංචනික පුද්ගලයන් කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව සහ මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් අයවිය යුතු බදු වෙනුවෙන් මුදල් එක් රැස් කරන බවට දිගින් දිගට පැමිණිලි ලැබෙමින් තිබෙන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරනු ලබන බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදී දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් වෙත ගොස් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යනු ලබන ගිණුම්වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් ලබාදෙනු ලබයි. එහෙත් එම නිලධාරීන් මුදල් හෝ චෙක්පත් එකතු කිරීමක් සිදු නොකරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media